ශ්‍රී ලංකාවේ සේනා දළඹු ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය සදහා
No hay miniatura disponible
Fecha
Autores
Título de la revista
ISSN de la revista
Título del volumen
Editor
FAO ;
Resumen
Descripción
ගොවි ක්ෂේත්‍ර පාසල් වල ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණයේ මූලිකාංග
අනාගත පරපුර සඳහා නිෂ්පාදන සම්පත් සංරක්ෂණය කරමින් වර්තමාන නිෂ්පාදන අවශ්‍යතා සපුරාගැනීම තිරසාර කෘෂි කර්මාන්තයේ අපේක්ෂාව වේ. තිරසාර කෘෂිකර්මාන්තයේ ප්‍රධානතම අංගයක් ලෙස ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය (IPM), ස්වභාවික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය සලකනු ලබයි. ගොවීන්ට ප්‍රශස්ත ආදායමක් ලබා ගැනීම සඳහා උපකාරී වන පිළිවෙත් වැඩි දියුණු කිරීම හා ග්‍රාමීය ප්‍රජාවගේ හා පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමද මෙමඟින් අපේක්ෂා කෙරේ.
ඒකාබද්ධ පළිබෝධ කළමනකරණය යනු, පවතින පලිබෝධ පාලන ක්‍රමවේද සලකා බලා එවායින් වඩාත් - උචිත ක්‍රමවේද ඒකාබද්ධව පළිබෝධ මර්දනය සඳහා යොදා ගැනීම තුළින් මානව සහ සත්ව සෞඛ්‍යයට සහ/හෝ පරිසරයට ඇති කෙරෙන අවදානම අවම කිරීම හා ආර්ථිකව හානිදායී මට්ටම් වලට පලිබෝධ ගහන වර්ධනය අධෛර්යමත් කිරීමයි.
